චුල්ල ගණිතයාගේ සටහන් පොත

+ x / -

දෙයියන්ගේ කුරුම්බැට්ටි මැසිම

Published by Ganithaya under on 7:26 AM
දෙවියන් කාල උමග තුලින් මතුවී බිල්ගේට් හමු වන්නට ආවේය.

දරුවා මට කියන්න ඔබ හදාපු කෘත්‍රිම හි‍තට කොච්චර සිතුවිලි ප්‍රමාණයක් තත්පරයකට උපදවන්න පුළුවනිද කියා?

මගේ අලුත්ම ප්‍රොසෙසරයට පුළුවන් තත්පරයට සිතුවිලි බිලියන පහක් උපදවන්න. ඔබට එය සිතා ගන්නත් අමාරු වෙයි දෙවියනි.

හොඳයි. ‍මගේ වැඩේට නම් යකඩ කෑලි සිලිකන් කෑලි ඔයා අඹරනවා වගේ අඹරන්න බැහැනේ. මම හදාපු හිතන යන්ත්‍රයට තත්පරයකදි සිතිවිලි සුළුම සුළු ප්‍රමාණයක් පමණයි උපදවන්න පුළුවන්. උපරිම තිහක් විතර...


හහ හා...[මාරක හිනා] ඒක තමයි ඔබතුමා ඔය කුරුම්බැට්ටිය කරකවලා මොනව කරන්නද ඉන්නේ? අපට වැඩේ බාර දුන්නොත් මාර ප්‍රොසෙසරයක් හදල දෙන්නම්. නිකං ඇනෙන්නේ නැතිව ගොඩදාලා දෙන්නම්.

දරුවා. මගේ වැඩේ දැං සීයෙට අනූ නවයක් අහවර කරල තියෙන්නේ. ඔබ කියන විදියට මගේ ගැජට් එකටත් තත්පරයට වැඩ බිලියන ගාණක් බලන්න තියෙනවා. කමක් නෑ. මම මොනව හරි කරගන්නම්. එහෙනම් මම යනවා. බිල් ගේට්...මගේ පිහිටයි.

****

දෙවියන් මිනිසා මවා අවසන් කොට තමන්ගේ දුර්වල කුරුම්බැට්ටි ප්‍රොසෙසරයේ අඩු වේගය සලකා බලා එවැනි කුරුම්බැට්ටි බිලියන සීයක් අළුපාට මේද බවට හරවා හිස් ක‍බලේ පුරවා දැමීය. ජීවත් වන කාලය තුළ දුම් බීමෙන් විනාශ වන කුරුම්බැට්ටි ප්‍රමාණයද සළකා මේ වැඩිපුර ප්‍රමාණය තීරණය කළ බව මැනුවල් එකේ ලියා තිබුනි.

දැං ඒ කුරුම්බැට්ටියට "නියුරෝනය" යැයි කියති. කුරුම්බැට්ටි ජාලයට "මොළය" යැයි කියති.

බිල් ගේට් මිනිස් මොළයට සමාන ප්‍රොසෙසරයක් හදන්නට දෙවියන් යාඥා කරමින් ඉඳියි.

මිනිසුන් අතර ආකර්ෂණය

Published by Ganithaya under on 6:38 PM

මේක ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ මාසික සඟරාවේ පළ වූ ගැටළුවක්. ගැටළුව අතිශය රසවත් නිසා බෙදා ගන්න හිතුනා. හැකි අය විසඳලා ඊමේල් කරන්න පිළිතුරු මේ කියල තියෙන ඊමේල් ලිපිනයන් වෙත.

ed@sltnet.lk
ceso@ceb.lk
pottacharlie@gmail.com

සම්පූර්ණ විසඳුම මෙහි පළ කරන්නට බලාපොරොත්තු වන්නේ එම සඟරාවේ ඊළඟ කළාපය නිකුත් වූවාට පසුවයි.
 

Followers