වැඩි ද?
Published by Ganithaya under on 12:31 AM
ඔන්න ගණිත විජ්ජා කතාවක් කියන්නයි හදන්නේ. හැබැයි මේක ගණිත විජ්ජා කතාවක් කීවට එහෙම අර අනිත් කතා වගේ කතා රසයක් නම් තියෙයි කියලා කියන්න බැහැ. ඒත් ඉලක්කම් විජ්ජා අජීර්ණ අයට ඒක ජීරණය කරගන්න එහෙම නැත්නම් ගණිතය අප්පිරිය අයට ඒක විනෝදයක් කරගන්න පුංචි තල්ලුවක් දෙන්නයි මේ කතා ලිවීමේ පැහැදිලි අරමුණ.
ඒ කියන්නේ ගණිත විජ්ජා වලිනුත් යම් කිසි සාහිත්‍ය රසයක් උපද්දවන්න දරණ අපරිමිත උත්සාහයක්...
බයිනරි කීවම කැලෑ නරි වගේ මතකයක් නැගෙන කාට හරි පුංචි විනෝදයක් ලබන්න තමයි මේ ලියැවිල්ල හා හා පුරා කියලා පුංචි ගණිත සෙල්ලමක් ගැන ලියන්න හිතුවේ.
තව එකක්. අපි නිතර කරන සෙල්ලමක් තියෙනවා නේද ඔව් නෑ බෑ කියලා?
අපි මේ සෙල්ලමට ඔව් නෑ විතරක් ගත්තොත් ඒක හරියටම බයිනරි සෙල්ලමක් වෙනවා.
හැබැයි මේ බයිනරි සෙල්ලම කරන්නේ පොඩි මැජික් එකක් පෙන්වන්න කියල කීවත් අවුලක් නැහැ. කාටත් හොඳට හුරැයිනෙ ඉලක්කමක් හිතන්න කියල ඒක කියන සෙල්ලම්?
අන්න ඒ වගේ සෙල්ලමක් මේක හැබැයි ඉලක්කම හිතන කෙනාට අර අනිත් සෙල්ලම්වල වගේ එකතු කරන්න අඩුකරන්න වැඩි කරන්න බෙදන්න වගේ වැඩ නැහැ.
තියෙන්නේ එකම දෙයයි. අහන ප්‍රශ්න වලට ඔව් හෝ නෑ කියන එක විතරයි. ප්‍රශ්ණ අහන කෙනා තමයි ගණන් හදලා එයාගේ හිතේ තියෙන ඉලක්කම කියන්නේ. වැඩේ සරලයි නේද?
උදාහරණයක් විදියට මම මේක ගන්නම්...
ඔන්න කෙනෙක් හිතනවා 956.
හැබැයි හිතන ඉලක්කම 1000ට අඩු වෙන්න ඕන...ප්‍රශ්න 10ක් අහල සොයන්න නම් එහෙම සීමාවක් පනවන්න වෙනවා...ඒකට හේතුවත් පස්සේ කියනවා.
දැන් මම අහන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකක්. හැබැයි ප්‍රශ්න 10 ක් අහද්දි මම හිතපු ඉලක්කම කියනවා.
500ට වැඩි ද? ඔව්
750ට වැඩි ද? ඔව්
875ට වැඩි ද? ඔව්
937ට වැඩි ද? ඔව්
968ට වැඩි ද? නෑ
952ට වැඩි ද? ඔව්
960ට වැඩි ද? නෑ
956ට වැඩි ද? නෑ
954ට වැඩි ද? ඔව්
955ට වැඩි ද? ඔව්
956ට අඩු 955ට වැඩි නම් උත්තරය 956!
දැං මම අහන මේ ඉලක්කම් හැදුනේ කොහොමද කියල කියන්නේ පස්සේ...පුළුවන් කාට හරි උත්සාහ කරන්න රහස සොයාගන්න...

7 comments:
බ්ලොග් අවකාශයට ඔබ මෙලෙස පැමිණීම අපට ප්‍රීතියකි!
දෙකෙන් බෙදාගන්න දන්නැති අයට නම් රහසක් :P
බොහොම ස්තුතියි කතන්දර.
ඇඩ් එක වැඩ කරලා වගෙයි...
:)
සහතික ඇත්ත. මේක දෙකෙන් බෙදීගෙන යාම පිළිබඳ සරල ගණිතයක් තියෙන වැඩක්.
හරියටම කියනවා නම් දෙකේ දහවෙනි දර්ශකය ගත්තම ඒක 1024 නිසා අපිට පුළුවන් ලෙහෙසියෙන්ම 1000ට අඩු ඉලක්කමක් දහවතාවක් ඇතුලත ස්ථානගත කරගන්න...
ස්තුතියි ඇනෝනිමස්!
බරණ ගණිතයා මී මුත්තද? කිරි කෑ මුත්තද? නියමයි නෙ...!
Ramlani@
අපෝ නැහැ
නිකම්ම නිකං බටහිර ගණිතය යම්තම් කටගාගත්ත එකෙක්...
විනෝදෙට ගණිත කතා ලියන්න හිතුවා.
සන්තෝෂයි අදහස් දැක්වූවට.
ස්තුතියි ගොඩක්.
මරු, මේ දැන් කියවලා දාන්න පටන්ගත්තා විතරයි... එළ එළ!
Post a Comment