ලෝක පයි [Pi] දිනය
Published by Ganithaya under Pi, අපරිමේය, කෙප්ලර්, රිඩ්බර්ග් on 6:25 PM
විශ්ව නියමයන් සෑම විටකම ගුප්තය. නොඑසේ නම් අතිශය බුද්ධිමත්ය.
වෘතයක පරිධිය එහි විශ්කම්භයට දරණ අනුපාතය අපට කිසිදා නිවැරදි ලෙස ගණනය කළ නොහැකිය. මන්ද යත් ග්‍රීක පයි අකුරෙන් හකුලා දක්වන 3.141593.... යනාදී වශයෙන් අපරිමිත ලෙස දශමස්ථාන සහිත මෙම අගය කවරදාකවත් සම්පූර්ණයෙන් ගණනය කර ගත නොහැකි වීමයි. තවද මෙම අගය කිසියම් සංඛ්‍යා දෙකක අනුපාතයක් ලෙස දැක්විය හැකි ඉලක්කමක් ද නොවේ. එවැනි සංඛ්‍යාවකට අපරිමේය සංඛ්‍යාවක් යැයි ව්‍යවහාර වේ.
ඇත්තටම වෘතයක පරිධිය වක්‍රයක ලැකි රේඛීය දිගකි. එය පරිමිත බැව් බැලු බැල්මට පෙනේ.
වෘතයක අරය ද කිසියම් පරිමිත දිගකි. එය ද පරිමිත බැව් බැලු බැල්මට පෙනේ.
එසේ නම් එම දිගවල් අතර අනුපාතය අපරිමේය වූයේ ඇයි?
පයි අගය දශම ස්ථාන මිලියන බිලියන ට්‍රිලියන ප්‍රමාණයක් තෙක් ගණනය කළද එම සංඛ්‍යා මතු වීමේ කිසිදු රටාවක් නොමැත. මෙම ගුණය වර්ගමූල සංඛ්‍ය කෙරෙහිද බල පවත්වයි. මෙසේ සුවිශේෂී ඉලක්කමකට විශ්වයේ ඇති පදඝඨනාත්මක සබැඳියාව කොයි තරම් දුරකට විහිදී යන්නේ ද?
සොබා දහම බොහොමයක් වූ සිය නියමයන් උදෙසා මෙබඳු අපරිමේය අගයක් සඟවා යොදා ගත්තේ ඇයි?
කෙප්ලර්ගේ තුන්වන නියමයේ සිට අයින්ස්ටයින් ගේ සාපේක්ෂාතාවාදී ක්ෂේත්‍ර සමීකරණ දක්වා වූ විවිධ භෞතික ගණිත සමීකරණවල දෘෂ්‍යමාන වන පයි අගය මිනිසා නිර්මාණය කරගත් සියළු දැනුමේ ක්ෂේත්රවල අදෘශ්‍යමානව වාසය කරයි.
ක්වොන්ටම් මට්ටමේ දී නම් පූර්ණ සංඛ්‍යා විසින් සිය නීති රීති පෝෂණය කර ගනී.
ඉලෙක්ට්‍රෝනයේ ශක්තිය හෝ කක්ෂීය අරය හෝ තරංග ආයාමය හෝ තීන්දු වන්නේ ධන පූර්ණ සංඛ්‍යා ඔස්සේ බව පරමාණුව පිළිබඳ බෝර් ආකෘතිය පෙන්වා දේ. ශක්තිය ක්වොන්ටීකරණය වන්නේ ෆෝටෝන අංශුවල ගුණාකාරයෙන් වීම ඊට හේතුවයි.
එනමුත් වඩාත් සියුම්ව බැලූ විට එම සියළු ගණිතය තුල ද පයි අගය නිදා සිටියි.

උදාහරණයකට රිඩ්බර්ග් නියතය බලන්න. එහි පයි අගය නිහඩව සිටී. එම රිඩ්බර්ග් නියතය හා සැබැඳි සමීකරණ ඔස්සේ ඉහත දැක්වූ ඉලෙක්ට්‍රෝනයේ භෞතික ගතිගුණ ගණනය කර ගනී.
විශ්වයේ අතිශය කුඩා දේ තුල පූර්ණ සංඛ්‍යා රජ කිරීමටත් පොදුවේ සියල්ල කෙරෙහි අපරිමේය සංඛ්‍යාවක් වූ පයි අගය සැඟවී සිටින්නටත් රහස කුමක් ද?
ඒ රහස කවදා හෝ හෙලි වනතුරු මේ සටහන තබන්නේ මාර්තු 14 වන දින යෙදෙන ලෝක පයි [Pi] දිනය නිමිති කොට ගෙනය.
ලෝක කාන්තා දිනය ගෙවී සතියක් වත් ගෙවී යන්නට මත්තෙන් දැං උදා වන්නේ ලෝක පයි [Pi] දිනයයි.
3/14 Pi දිනය වන්නේ ඇයි දැයි දැන් කීමට අවශ්‍ය ද?

8 comments:
patta patta
ඒක මාර දිනයක් නේ...
තවත් මේ පයි ගැන දැනගන්න කැමතියි...
3.14 ආවේ කොහොමද? ඇයි පයි = 3.14 වුනේ... ??
Excellenta ..! Fantasticaa..! why dont you continue this one..
AL mathak unaa....
menna wedi duratath...
http://www.mathematicianspictures.com/PI/PI-DAY.htm
.........නියමයි... වැදගත් දෙයක් අහනවා ඔයා එ කට ඇයි මෙච්චර විශ්වයෙ රහස් ටික ඔක්කොම ඇතුල් වෙලා තියන්නෙ....?
wow..nice article..keep going bro!
Ohoma yan !! AT last u will find it.
youtube | videodl.cc
youtube.com, best youtube to mp3 youtube · youtube.com, youtube.com, youtube.com, youtube.com, youtube.com, youtube.com, youtube.com, youtube.com, youtube.com, youtube.com, youtube.com, youtube.com, youtube.com
Post a Comment