චුල්ල ගණිතයාගේ සටහන් පොත

+ x / -

ගාණට වැඩි නම් මෙන්න විසඳුම්...

Published by Ganithaya under on 9:10 PM

දාහට අඩු ඉලක්කමක් හිතා ගන්න කියලා ඔව් නෑ ආකාරයට දෙන උත්තර අනුව එම සංඛ්‍යාව නිවැරදිව ප්‍රශ්න දහයක් ඇසීමෙන් කියන ක්‍රමය අද මම මෙහි විස්තර කරනවා.

ඉස්සෙල්ලම අපි මේකෙ ඇත්ත ක්‍රියාකාරිත්වය කුමක් ද කියල සොයා බලමු.

ඔව් නෑ කියන අන්ත දෙක භාවිතා කරන බයිනරි හෙවත් ද්විමය සංඛ්‍යා භාවිතය මෙහි පසුබිමයි. එබැවින් දෙකේ දහවෙනි බලය දක්වා වූ සංඛ්‍යා මේ ආකාරයෙන් ස්ථානගත කරගන්නට පුළුවන් ඉතාම පහසුවෙන්.

මුලින්ම අප කළ යුත්තේ දාහේ අර්ධයට වඩා සිතු සංඛ්‍යාව විශාලද නැද්ද යන්න දැන ගැනීමයි.
500ට වඩා වැඩි නම් අප කළ යුත්තේ ඉතිරි ප්‍රමාණය වන 500න් අර්ධයක් මුල් අගයට එකතු කර ගැනීමයි.
500ට අඩු නම් කළ යුත්තේ 500න් අර්ධයක් එනම් 250ක් මුල් අගයෙන් අඩු කිරීමයි.

දැන් අප පරීක්ෂා කළ යුත්තේ 750 හෝ [ මෙය ඉහත අවස්ථාවේ 500ට අඩු වූ අවස්ථාවයි එනම් 250] ට වඩා සිතා ගත් සංඛ්‍යාව විශාල ද නැද්ද යන්නය. 750 ට වැඩි නම් කළ යුත්තේ ඉතිරි 250න් අර්ධයක් නැවත මුල් අගයට එකතු කර ගැනීමයි. එනම් දෙවෙනි ප්‍රශ්නයට අදාල අගය වන 750+125=875 ට වඩා වැඩි ද අඩු ද යන්න පරීක්ෂා කිරීමයි.

එම ආකාරයේම දෙවැනි අවස්ථාව සැලකුවොත් 250ට එකතු කළ යුත්තේ ද 125කි.

වඩා සරලව වගු ගත කළ සටහන් කීපයකින් මෙම ක්‍රියාදාමය මම පහත දක්වමි.

සොයන සංඛ්‍යාව 667

වාරය මුල් අගය අර්ධය + අර්ධය - ඔව් /නෑ
1 500 250 -250 y 250
2 750 125 -125 n -125
3 625 62 -62 y 62
4 687 31 -31 n -31
5 656 16 -16 y 16
6 672 8 -8 n -8
7 664 4 -4 y 4
8 668 2 -2 n -2
9 666 1 -1 y 1
10 667 0 0 n 0

සොයන සංඛ්‍යාව 999

වාරය මුල් අගය අර්ධය + අර්ධය - ඔව් /නෑ
1 500 250 -250 y 250
2 750 125 -125 y 125
3 875 62 -62 y 62
4 937 31 -31 y 31
5 968 16 -16 y 16
6 984 8 -8 y 8
7 992 4 -4 y 4
8 996 2 -2 y 2
9 998 1 -1 y 1
10 999 0 0 y 0

මෙලෙස එකතු කළ යුතු හෝ අඩු කළ යුතු අර්ධයන් ගණනය කිරීමේ දි ගත යුත්තේ ආසන්නම ඉහල ඉරට්ටේ සංඛ්‍යාව බව මෙම වගුවල දැක්වෙන අර්ධයන් පරීක්ෂා කිරීමෙන් පැහැදිලි වේ.

උදාහරණයක් ලෙස 250 න් අර්ධය 125 වන අතර 125 අර්ධය 62 ය. ඇත්ත වශයෙන්ම එය 62.5 වුව ද එය 63 ලෙස නොගනී.

එමෙන්ම 62 න් අර්ධය සෘජුවම 31 කි. ඒ ගැන ගැටළුවක් නැත.

නැවත 31 න් අර්ධය 15.5 වුවද එය ආසන්න ඉරට්ටේ සංඛ්‍යාව වන 16 ලෙස ගෙන ඇත.

ද්විමය සංඛ්‍යා ආශ්‍රයෙන් ඕනෑම දශම සංඛ්‍යාවක් ලිවීමට හැකි නම් එහි විලෝමය ‍ඕනෑම සංඛ්‍යාවක් ගොඩ නැගීමට භාවිතා කර ඇති සැටි පෙනේ.

මෙම වගු නිර්මාණය කරන්නට උපයෝගි කරගත් එක්සෙල් ෂීට් [Excel Sheet] එක අවශ්‍ය කෙනෙකුට ඊමේල් මගින් ලබා ගත හැකිය. එහි ඔව් නෑ තිරැවට අදාල පිළිතුර යෙදීමෙන් සිතු සංඛ්‍යාව දෙවන සිරස් තීරැවෙ පහලින් බලාගත හැකිය.

chullaganitha@googlemail.com

1 comments:

AJ said... @ August 23, 2009 at 1:35 AM

ඔයා මාරයි නේ........

කරලා බලන්න ඕනි....

Post a Comment

 

Followers